මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර දිනයක් නියම කරනු ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ විශ්වාසභංග යෝජනාවට හොඳම පිළිතුර තුනෙන් දෙකක ඡන්දයෙන් අයවැය දෙවැනිවර කියවීඹ සම්මතවීම බවයි.

